තේරෙන සිංහලෙන් සැටලයිට් ගැන.....TV බලන විදුය ගැන
•••• තේරෙන සිංහලෙන් සැටලයිට් ගැන.....TV බලන විදුය ගැන••• මට අද ආයෙත් හිතුන .මේ සේරම එකටම කියන්න ඕන කියල. ඒ කිව්වෙ සැටලයිට් ගැන සියල්ල කෙටියෙන් .ඒ වගේම තේරෙන සිංහලෙන්. කොහෙන්ද දැන් පටන්ගන්නෙ? අපි පටන්ගමු ... සැටලයිට් (චන්ද්‍රිකා ) කියන්නෙ මොනවද කියන එකේ ඉදන්. අපි කතාකරන මාතෘකාවට අනුව නම් චන්ද්‍රිකා කියල කියන්නෙ ටීවී බලන්න ඕනකරන මිනිසා විසින් හදපු අපේ අහසේ රදවල තියෙන දෙයක් කියල නේ. ඒත් ඒක එහෙම නෙවෙයි චන්ද්‍රිකා බොහෝ වැඩ වලට යොදාගන්නව.... . කොහොමද අපිට ටීවී බලන්න පුකුවන් වෙලා තියෙන්නෙ මේ චන්ද්‍රිකා හරහා. ඒකට ඕනවෙනව service provider කෙනෙක් ඒ කිව්වෙ uplink කරන කෙනෙක්. ඒත් තේරුන් නැත්තන් දත්ත ලබාදෙන්නෙක්. තව ඒව ලබාගන්න චන්ද්‍රිකාවක් චන්ද්‍රිකාවෙන් අපිට ආපහු ඒව downlink කරනව. එතකොට අපි ඒව අල්ලගන්නව. ඒ කිව්වෙ capture කරනව. මොනවද මේවට ඕන. අපිට නම් ඕන වෙන්නෙ parabolic shape එකට තියෙන disk එකක් විතරයි. ඒකෙන් මේ සිග්නල් අල්ලගන්න පුලුවන්. ඇයි මේ parabolic shape එකක්.? එහෙම භාවිතා කරන්නෙ සිග්නල් තීව්ර කරගන්න.එහෙමත් නැත්නම් ඒව ෆෝකස් කරගන්න. ඉතින් මේ focus කරන එක හරියටම තිතටම එන්