මම අද කියන්න යන්නෙ කොහොමද Dialog Tv receiver එකේ remote එක වැඩකරන්නෙ නැතුව ගියොත් මොකද්ද කරන්නෙ කියල. අපි දන්නවනෙ stb වලත් තියෙන්නෙ OS එකක් කියල . සමහර වෙලාවට stb එකටත් අමතක වෙනව. ඒ කිව්වෙ memory dump වෙනව .ඒක නිසා සමහර වෙලාවට remote එක identify කරගෙන verify කරගන්න බැරිවෙනව. ඉතින් අන්න ඒ වගේ උනාම තමයි remote එක stb එකත් එක්ක pair කරගන්න වෙන්නෙ. (සමහරු කියනව programme කරන්න ඕන කියලත්) මේක කරන්න පුලුවන් වෙන්නෙ ඔයාලගෙ remote එක Hardware පැත්තෙන් අවලක් නැති වෙලාවට විතරයි. ඒ කිව්වෙ භෞතික වශයෙන් හානි /IR led එක damage වෙලානම් මේක කරල වැඩක් නෑ..අලුත් එකක් ගන්න .