HOW TO MAKE YOUR OWN SATELLITE HOMEMADE DISH ....

අපි අද බලමු කොහොමද ගෙදර ඉදන් SATELLITE Dish එකක් හදාගන්නෙ කියල......

මේ විදියට ලොකු ඩිශ් එකක් හදාගන්න පුලුවන් ලේසියෙන්ම.

ක්‍රම කිහිපයක්ම තියෙනව..
**
1) Fibreglass dish
2)Concrete (Cement) dish
3)Metal dish

------
1) ෆයිබර්ග්ලාස් ඩිශ්
2)කොන්ක්‍රීට් (සිමෙන්ති )ඩිශ්
3)ලෝහ ඩිශ්

කොන්ක්‍රීට් වලින් mold එකක් අපි හදාගන ඕන මුලින්ම....
------
මේ සියල්ලටම අවශ්‍ය දේවල්;-

-පස්            
-සිමෙන්ති   10kg -20kg විතර
-වැලි           

--තහඩුවක් හෝ ලෑල්ලක්

-තීන්ත  
කලු /වෙනත්   1l
--Filler වර්ගයක්

Frame එක සදහා
ලී හෝ ලෝහ කම්බි හෝ පටි
(ශක්තිමත් විය යුතුයි)

තව මොනවද?

ලී එක්ක වැඩ කරනකොට ඕනවෙන දේවල්
-මිටියක්
-ඇණ
-කියතක් /ග්‍රයින්ඩර් එකක්
-drill එකක්

තහඩු එක්ක වැඩ කරනකොට
-Welding plant එකක්
-ග්‍රයින්ඩර් එකක්
-drill එකක්

••••
1)
ෆයිබර්ග්ලාස් ඩිශ් එකට

-Fibreglass අමුද්‍රව්‍ය
Fibre cloth , resin , mix

-Fibreglass cutter එකක් හෝ කතුරක්

**
Fibreglass මිශ්‍ර කිරීමේදී විශේෂඥ දැනුම ලබාගන්න.....

සැහැල්ලුයි ,හොදයි.
මිල අඩුයි.
ලොකු ඩිශ් එකක් උනත් හදාගන්න පුලුවන්

2)
කොන්ක්‍රීට් /සිමෙන්ති ඩිශ්

ඇහුවාම පුදුම වෙයි .
ඒත් හදන්න පුලුවන්.

පොඩි ඩිශ් එකක් නම් කම්බි නැතුවම හදන්න පුලුවන් .
ලොකු වෙන්න වෙන්න කම්බි දාල හරියට හදාගන්න ඕන.

3)ලෝහ තහඩු මගින්

අමානෝ හෝ වෙනත් roofing තහඩු මගින් මේක කරන්න පුලුවන් .

(සිග්නල් feed එක හොදයි ගොඩක්ම)

----

බලමු කොහොමද හදන්නෙ කියල.

ඉස්සෙල්ලම කියන්න ඕන.මේකට පොඩ්ඩක් මහන්සි වෙන්න වෙයි.
ඒත් ප්‍රතිඵල හොදයි ගොඩක්.

Internet එකේ හොයාගන්න අමාරු දෙයක් ගැන තමයි මම කියන්න යන්නෙ.

1)ඔබට අවශ්‍ය පරිදි ඩිශ් එක සකසාගැනීමට පෙර එහි වක්‍රතාවය (curvature) ,නාභිය දුර (f (Focul distance)) , විශ්කම්භය (diameter) ,ගැබුර (depth)
ගැන තීරණය කරගත යුතුයි.
එනම් නිසිආකාරව parabolic curves ගණනයන්ට අදාල්ව සකසාගත යුතුය.

මේ සදහා යම් ගණනයක් සිදුකිරීමට සිදුවේ.....
තවද signal feed හා signal latency හා නිසිආකාරව පරාවර්තනය සිදුවේදැයි පරීක්ෂා කර බලා  පාඨාංකයන් ලබාගත යුතුය.

ඒ සදහා තමන්ට ,
පළපුරුද්දක් නැති වූවත් කම් නැත.

Use this app
Parabolic calculator (For Windows )

  ඉතින් ඒකෙන් calculations අරගෙන ඉස්සෙල්ලම පොඩි sketch එක්ක් ඇදගන්න.
හරි පාඨාංකයන් එක්ක....
ඊට පස්සෙ ඒකෙන්
පොඩි සිරස් පටියක් ඇදගන්න....

Pictures වල තියෙනව...

Sketch එකට අනුව ලී හෝ වෙනත් තහඩුවකින් එය සකසාගන්න....

2)

Sketch එක හදාගත්තට පස්සෙ ඒක රදවගන්න ඕන.
Centre (මධ්‍යයේ )කණුවක් හිටවගන්න .ඒ කිව්ව දේ pictures වල තියෙනව.
ඒ කණුව අචලව තියෙන්න ඕන.
ඒ කිව්වෙ හෙල්ලෙන්නෙ නැතුව.

ගෙදර පස් තියෙනවනම් පස් ටිකක් කඩල හෝ කොහෙන්හරි අරගන්න.
දැන් පස් අරගෙන් ගොඩක් ගහන්න.
ඒ කිව්වෙ පස් parabolic shape එකකට centre pole (මධ්‍ය කණුව )වටයට සකස් කරගන්න....

3)

ඊට පස්සෙ පොඩි සිමෙන්ති එක්ක වැඩක් තියෙන්නෙ.

පස් ගොඩගත්තට අස්සෙ ඕනනම් වැලි දාල මතුපිට සුමට කරගන්න් පුලුවන්.
ඒ කිව්වෙ ගොඩක් කඩතොලු නැතිකරගන්න එකයි.

ඊට පස්සෙ සිමෙන්ති බදාම (වැලි සමග සිමෙන්ති කලවක් කර ......)
වලින් හොදට shape කරගන්න .....
අර හදපු sketch එකෙන් හොදට ගානට මේ වැඩේ කරගන්න ඕන.

නැත්නම් මේ වැඩේ හරියන්නෙ නෑ.
ඒ කිව්වෙ හරියට focul point එක ගන්න බෑ...

ඒක නිසා හොදට කරගන්න....

--
Fibreglass dish / Concrete dish නම්

3)ඊට පස්සෙ wall filler හෝ wall putty බාවිතයෙන් හොදට කඩතොලු පුරවගන්න්.
ඊට පස්සෙ paint කරන්න.

(කලු පාටින් හෝ වෙනත් ඕනෑම පාටකින්)

4)ඊට පස්සෙ ගානට fibreglass වැඩේ කරගන්න ඕන.
හරියට Raw materials හොයාගන්න ඕන.

හරියට mix කරගන්න් ඕන.
ඒ වගේම අපි ගැනත් බලාගන්න් ඕන.
ඒ කිව්වෙ සෞඛ්‍යය ගැන.

ඉතින් fibreglass වැඩේ ඉවර උනාම dish එක කපල හොදට හැඩ සකස් කරල හදාගන්න....

---
කොන්ක්‍රීට් නම් අර අපි හදාගත්තු පස් ගොඩට උඩින් (සිමෙන්ති දාල හොදට සකස් කරපු හැඩයක් ඇති )
ඝණ පොලිතින් එකක් (ඉටිකොළයක් ) දාගන්න.

කලු පොලිතින් එකක් ඕනෑම හාඩ්වෙයාර් එක්ක තියෙනව.

ඊට පස්සෙ
ඩිශ් එක
0.65-1 m නම් කිසිම කම්බි mesh එක්ක් ඕනවෙන්නෙ නෑ.

ඊට වැඩි නම් පොඩි කම්බි mesh එකක් දාන්න ඕන.
ශක්තිමත් කරගන්න.

මෙහෙම mesh එකක් දාගෙන සිමෙන්ති හෝ සිමෙන්ති වැඩි ප්‍රමාණයක් වැලි අඩු ප්‍රමාණයක් සමග මිශ්‍ර කර තුනී /ගැලපෙන පරිදි ශක්තිමත් වන පරිදි දාගන්න
.

මේ සමගම frame එක සවිකිරීමට ඇණ තබාගන්න.
ටිකක් මැදට වෙන්න්.

--------

තහඩු /අමානෝ ශීට් වලින් හදනවනම්

කපල වෙල්ඩින් කරල නිසිආකාරව හදාගන්න ඕන.


----
Frame එකක් මේ හැම එකකටම ඕන වෙනව.
හොද ශක්තිමත් වෙන්නත් ඕන.

Dish එක allign කරාට පස්සෙ හෙල්ලෙන්න බැරිවෙන්නත් ඕන.
ඒකටනම් පොඩ්ඩක් හිතල බලල ක්‍රමයක් හදාගන්න .

Google drive link

Drive Folder SAT INFO LK

https://drive.google.com/folderview?id=1Y8HF0neIZJ4YrLquukoxOTvww7y6RIO5





උදව්වක් ඕන උනොත් Live chat එකෙන් message එකක් දාන්න.
නැත්නම් comment කරන්න.

Facebook ඉන්නවනම් Profile Name එකයි Profile picture එකයි Live help chat එකෙන් එවන්න.

නැත්නම් අපේ Facebook group වලට message /Post කරන්න..

.......

Comments

Popular posts from this blog

Installation of Dialog Tv Satellite dish

HOW TO INSTALL ANY SATELLITE DISH (C & Ku band)by YOURSELF...කොහොමද සැටලයිට් ඩිශ් එකක් ඔබවිසින්ම සවිකරගන්නෙ??

How to programme your Dialog TV remote