HOW TO INSTALL ANY SATELLITE DISH (C & Ku band)by YOURSELF...කොහොමද සැටලයිට් ඩිශ් එකක් ඔබවිසින්ම සවිකරගන්නෙ??

මම ගොඩක් දේවල් පැහැදිලි කරල දීල තියෙනව ඔයාලට.
ඒත් කොහොමද තනියම සැටලයිට් ඩිශ් එකක් සවිකරගන්නෙ කියල විස්තර කරන්න තමයි දැන් හදන්නෙ.....
ඔයාල දන්නවනේ ගෙදරට සැටලයිට් හයිකරන කෙනෙක් ඇවිල්ල dish එක හයිකරන්න 500-1500/= දක්වා ගණන් ඉල්ලනව.
ඔයාලටම කරගන්න පුලුවන් වැඩේට ඇයි ඉතින් සල්ලි දෙන්නෙ???
අපි අද බලමු කොහොමද Satellite dish එකක් සවිකරගන්නෙ කියල....

****
කෙටියෙන්.
1⃣සැටලයිට් එකට අදාල ,
Azimuth
Elavation
හා LNB skew

 දත්ත ලබාගන්න.

[ඇප් එකෙන් ]

2⃣LNB skew හදාගන්න.

LNB wire එක.
සෘණ නම් වම් පැත්තට 

ධණ නම් දකුණු පැත්තට 

3⃣Azimuth එක හදාගන්න.

4⃣Elavation හදාගන්න.

✳✳
Satfinder ඇප් එකෙන් අදාල දත්ත ලබාගන්න පුලුවන්.

Azimuth,Elavation හා LNB skew සියුම් ලෙස වෙනස් කරමින් සිග්නල් quality වැඩිකරගත හැකියි.

**
Sat finder (උපකරණයක් නැතිනම්) 
තමන්ගේ Satellite decoder එක සැටලයිට් ඩිශ් එක අසළට ගෙන TV එකෙන් Signal levels බලාගන්න.
✳✳







(((Dialog TV,Dish Tv ,Videocon,Sun,Airtel ඇතුලු වෙනත් satellites සියල්ල සදහා))
ඉස්සෙල්ලම බලන්න ඕන satellite එකේ signals වලින් ලංකාව හෝ ඔයාල ඉන්න තැන cover වෙනවද කියල.
ඒ කිව්වෙ satellite එකෙන් coverage එක ගැන අපි බලන්න ඕන.
කොහොමද බලන්නෙ????
------
ඔයාලට අවශ්‍ය satellite එක Google කරන්න.(Google search)
**උදා-
Satellite name _ band _sites associated
Dialog TV නම්
Satellite එක -Intelsat 904
Band එක -Ku
Sites associated - Lyngsat/ satbeams or any other.
Google search:;
Intelsat 904 Ku band Lyngsat
Search වලින් මුල් ඒවයින්
ඔයාලට දකින්න ලැබේවි channel list එක.
ඒ වගේම coverage එක බලාගන්න ඕන නේද?
ඒකට Google search කරන්න.
Satellite name_band_Footprints
උදා-
Intelsat904 ku band footprints
Apstar7 Ku band footprints
Apstar-7 C band footprints
Measat-3 Ku band footprints
Hotbird 13e ku band footprints
මේ ලින්ක් එකෙන් ඔයාලට satellites ගැන තොරතුරු ලබාගන්න හොද වෙබ්සයිට් ලබාගන්න පුලුවන්...
******
Useful Links -For TP,Frequencies,SR & other updates
--------
ඔබට ඩිශ් ගැන දැනගන්න තිගෙන දේවල්.....
අපිට ලබාගන්න පුලුවන් සැටලයිට් ...
ඩිශ් sizes ඊට අනුව-
1)
ඔබට අවශ්‍ය වන දේවල්---
ඔයාල ගත්තු satellite dish එකේ තියෙන දේවල්.....
* satellite full set
ඔක්කොම ඇණ ඇතුලුව.
ඒ මොනවද කියල බලමු.
*ග්‍රිල් එකක් (ඕනෙත් නෑ.ලී යක සවිකරනවනම් මිටියක් ඇති.ඒ කිව්වෙ වහලෙ වඩිම්බුවෙ නම් වැඩක් නෑ ග්‍රිල් එකක්.ඒත් Asbestos හෝ වහලේ සවිකරනවනම් විදීමට ග්‍රිල් එකක් ඕන.)
*මිටියක් 
*ඉස්කුරුප්පු නියනක් 
*කතුරක් හෝ බ්ලේඩ් එකක්.(මුවහත් කරපු පිහියක් උනත් කමක් න
*Phone එකක්
(Android නම් v4.0+ ..Iphone ඕන එකක්)
Receiver එක OFF කරල එන්න.වැඩේ කරන්න කලින්....සවිකරාට පස්සෙ තමයි receiver එක On කරල වැඩේ කරන්නෙ...
මොනවද ඉස්සෙල්ලම කරන්න ඕන.
*Coaxial cable එක දෙපැත්තට F-Connectors හයිකරගන්න....
*LNB එකයි අනිත් දේවල් ඔක්කොම අරගෙන වහල උඩට හෝ සවිකරන තැනට ගෙනියන්න...
*Coaxial cable එක නැවීම් හෝ පළුදුවීම් නැතුව TV එක තියෙන තැනට අරගන්න....
ඒ කිව්වෙ අපි ඉන්න තැන ඉදල.
පැහැදිලිව අහස පේන තැනක් තෝරගන්න.
ඩිශ් එක සම්බන්ධ කරන්න තියෙන කොටස් සවිකරගන්න.
ඒ කිව්වෙ base එක හයිකරගන්න.
****ඊට පස්සෙ බලමු dish එක allign කරගන්නෙ කොහොමද කියල.
2) අදාල satellite එක තෝරගන්න.
App එකෙන්
********
SATFINDER APP
-----------
Packages වලට Satellite වල නම් කිහිපයක්----
•Dialog TV Postpaid & Prepaid -  Intelsat904 /Galaxy 11 /Intelsat12
((තියෙන්නෙ 45.1E වල))
•Dish TV lanka & India - SES8 & NSS6
((95E වල))
•Dish TV HD -Measat-3
((91.5E වල)
ඔන්න ඔහොම තියෙනව.
Search කරන්න පුලුවන් අංශක ගානෙන් හෝ නමින් හො package එකෙන්...
Gps ON කරන්න ඕන.
Data/Wifi ON කරල තියෙන එක හොදයි....
ඊට පස්සෙ උඩ තියෙන   [Camera icon ]එක හෝ Show AR යන්නෙන් Rear cam(පිටුපස කැමරාව ) දිස්වේ....
එහි සිරස් හා තිරස් අතට රේඛා ඇත.
මැදින් පොඩි රවුමක් තියෙනව.
වම් පස පහළ Azimuth හා Elavation යන්න දැක්වේ.
හරියට සකස් වන තුරු එම කොටස් සියල්ල රතු පාටයි.
......
**********
දැන් phone එක disk එකේ උඩින් තියල disk එකත් එක්කම phone එකේ පේන විදියට හරවගන්න.
***********
හරියට ආවම කොළ පාට වේවි.
මතක් තියාගන්න phone එකේ camera එකෙන් පේනකොට කිසිම බාධාවක් ඉදිරියෙන් නොතියන්න.
ඒ කිව්වෙ path එක clear වෙන්න ඕන.
(ගස් ,අතු,ගෙවල්,වහල්,කණු වෙනත් බාධා මුකුත් නැතිවෙනවනම් හොදයි.)
.........
දැන් අපි dish එක සවිකරල ඉවරයි.
හරියට ඇණ තදකරන්න..
ඊට පස්සෙ තමයි lnb එක හදාගන්න ඕන.
******Lnb එක පොඩ්ඩක් කරකවන්න ඕන. Pictures වල තියෙන විදියට.
=lnb skew *
කියල තියෙන්නෙ ඒකයි...
දැකල ඇති නේ LNB එකේ අනිත් පැත්තෙ (පිටුපස)
වම් හා දකුණු පැත්තට 20 හෝ 30 අංකටක් ගහල තියෙනව.
පරිමාණයක් එක්කම.
මැද 0 තියෙනව.
උදා -
Dialog Tv නම්
Lnb skew එක 78°
ඒ කියන්නෙ 90-78 = 12°
12° වාමාවර්තව කරකවන්න ඕන.
(Pictures වල බලාගන්න පුලුවන්)
LNB SKEW කරන්න කලින් හෝ කරාට පස්සෙ Coaxial cable එක සවිකරගන්න.
ඊට කලින් coaxial cable එක හරියට නැවීම් නැතිව ගෙනියන්න වගබලාගන්න.
දැන් TV එක On කරල Receiver එකටත් cable එක connect කරල වහලෙන් බිමට බැස්සත් කමක් නෑ.
ඒත් වෙන කෙනෙකු පහළ ඉන්නවනම් අනිත් වැඩ ටික කරගන්න ලේසී.
................................................................................
*** channels search කරගන්නෙ කියල.
අපි tp (transponders ) වල Frequency Add කරල
Search channels දෙන්න ඕන....
((TP හා වෙනත් විස්තර සදහා
Transponders Lists(TP list)
>>>>>>>Attach කරපු Photos බලන්න<<<<<<<
TP add කරන එක එකින් එකට වෙනස් .ඒ කිව්වෙ Receivers එකින් එකට වෙනස්.
සමහර වෙලාවට auto Tp update වෙනව.
Search කරන්න විතරයි ඕනවෙන්නෙ....
Dialog Tv installation instructions (In sinhala)
https://youtu.be/l1M0_4myAmM








**
මෙම බ්ලොග් සටහනින් ඔබට බොහෝ දේ දැනගන්න පුලුවන්.
****
***
**
*
තවත් දේ දැනගන්න ඕනනම් හෝ ඔබගේ අදගස්  comment කරන්න එසේත් නැතිනම් Live help chat එක මගින් යොමුකරන්න.
*Useful links
-Transponders
EXPLANATIONS in sinhala
(පැහැදිලි කිරීම්)
*TP LISTS
*FREQUENCY
*FEC
*SR
-Ku & C bands
-Updated softwere & firmware
*Satellite tracking information
*Satellite Television
-Starter Guide
-PDF
-Useful documents
*Information about FTA (Free To Air channels)
*IPTV
-----
*DiSEqc
-----
-----
*How to make a homemade satellite dish
*ගෙදරදීම සැටලයිට් ඩිශ් එකක් සාදාගන්න ආකාරය
Youtube :-
((Youtube is only for video hosting ,not for any subscription ))
MOST WANTED THINGS ON YOUTUBE----
HOW TO MAKE A SATELLITE DISH AT HOME--(IN SINHALA)
In English
Satellite Tracking:- (in Sinhala)
DISH TV 95 -SRI LANKA & INDIA (IN SINHALA)
-----
Other tracking videos
Asiasat-5  @100.5E
Asiasat-7  @105.5E
Hotbird 13 @13E
Measat-3 @91.5E
Skynet
Apstar7  @76.5E
(Ku & C band)
Visit youtube to watch......
OUR PARTNER BLOG-
ABOUT INTERNET REATED THINGS
*********
සරල පැහැදිලි කිරීමකි.
වැඩි විස්තර හෝ ගැටලු සදහා Help Chat මගින් සම්බන්ධ වන්න.
**********






Popular posts from this blog

Installation of Dialog Tv Satellite dish

How to programme your Dialog TV remote