තේරෙන සිංහලෙන් සැටලයිට් ගැන.....TV බලන විදුය ගැන

•••• තේරෙන සිංහලෙන් සැටලයිට් ගැන.....TV බලන විදුය ගැන•••

මට අද ආයෙත් හිතුන .මේ සේරම එකටම කියන්න ඕන කියල.
ඒ කිව්වෙ සැටලයිට් ගැන සියල්ල කෙටියෙන් .ඒ වගේම තේරෙන සිංහලෙන්.

කොහෙන්ද දැන් පටන්ගන්නෙ?

අපි පටන්ගමු ...
සැටලයිට් (චන්ද්‍රිකා ) කියන්නෙ මොනවද කියන එකේ ඉදන්.

අපි කතාකරන මාතෘකාවට අනුව නම් චන්ද්‍රිකා කියල කියන්නෙ ටීවී බලන්න ඕනකරන මිනිසා විසින් හදපු අපේ අහසේ රදවල තියෙන දෙයක් කියල නේ.

ඒත් ඒක එහෙම නෙවෙයි චන්ද්‍රිකා බොහෝ වැඩ වලට යොදාගන්නව....

.
කොහොමද අපිට ටීවී බලන්න පුකුවන් වෙලා තියෙන්නෙ මේ චන්ද්‍රිකා හරහා.

ඒකට ඕනවෙනව service provider කෙනෙක් ඒ කිව්වෙ uplink කරන කෙනෙක්.
ඒත් තේරුන් නැත්තන් දත්ත ලබාදෙන්නෙක්.
තව ඒව ලබාගන්න චන්ද්‍රිකාවක්
චන්ද්‍රිකාවෙන් අපිට ආපහු ඒව downlink කරනව.
එතකොට අපි ඒව අල්ලගන්නව.
ඒ කිව්වෙ capture කරනව.

මොනවද මේවට ඕන.

අපිට නම් ඕන වෙන්නෙ parabolic shape එකට තියෙන disk එකක් විතරයි.
ඒකෙන් මේ සිග්නල් අල්ලගන්න පුලුවන්.

ඇයි මේ parabolic shape එකක්.?
එහෙම භාවිතා කරන්නෙ සිග්නල් තීව්‍ර කරගන්න.එහෙමත් නැත්නම් ඒව ෆෝකස් කරගන්න.

ඉතින් මේ focus කරන එක හරියටම තිතටම එන්න ඕන.නැත්නම් මාර අවුල්.

(අපි ගෙදර හදන disk වලට මේ ප්‍රශ්නය බොහෝදුරට බලපානව)
ඒත් කඩෙන් ගන්න ඩිශ් වලට කිසිම අව්ලක් නෑ....

මොනවද තියෙන වර්ග? කීයක් විතර වෙයිද?

-වර්ග නම් ගොඩක් තියෙනව.

ඒත් අපිට බෙදන්න පුලුවන් ප්‍රධානව කොටස් දෙකකට.
ඒ Centered feedhorn
(ඒ කිව්වෙ අර ඩිශ් එක මැදින් උඩින් lnbf එක හයිකරල තියෙන ඩිශ්)

Offset feedhorn
(Dialog tv ,dish tv වගේ ඒවයි තියෙන්නෙ අන්න ඒව)

Ku band බොහෝමයකට භාවිතා වෙන්නෙ offset dish තමයි.
ඒත් signal මදි නිසා centered feedhorn dish පාවිච්චි කරනව.

ගණන් බලමු දැන්.
Dish එකක් බලන්නෙ ඒකෙ විශ්කම්භයකින් .(Diameter )එකෙන්

Brand new අද දවසට ගැලපෙන ගාන :

Offset
65cm - 1300/=
90cm- 3000/=
100cm- 3500/=
110cm- 4000/=

Centered feedhorn
120cm- 5500 - 6000/=
180cm- 7500-9000/=
සාමාන්‍යයෙන් ඔය ටික ඇති.

ඒත් Hotbird 13, Hellas sat 39 වගේ ගන්නවනම් අඩුම අඩි 10ක් වත් ඕනවෙයි.
ඒ කිව්වෙ 300cm හරි ඊට වැඩි එකක් හරි ගන්න.
සාමාන්‍යයෙන් 20000/= වැඩි ගානක් යාවි නෝමල් එක්ක් ගන්න.

----
120cm සිට ඉහළට හොද f/D අනුපාතයක් සහිත,පෘෂ්ඨය හොද,හොදින් පරාවර්තනය වෙන හා සම්මත dish මීට වඩා ගනන්.

සාමාන්‍යයෙන් 300cm හොද dish එකක් 150,000/= වෙන අවස්ථාන්ද ඇත...

මොකද්ද මේ F - Focus එක් කියන්නෙ.

Focusing point එකේ තමයි අපි අපේ lnbf එක තියන්න ඕන.
එතකොට අපිට වැඩි තීව්‍රතාවයකින් සිග්නල් ලබාගන්න පුලුවන්.

Focus එක හොයාගන්නෙ කොහොමද ?
F= D*D / 16c

(D =diameter ,c = ඩිශ් එකේ විශ්කම්භයක්  හරි මැද ඉදන් පහලට පතුල දක්වා උස.)

F/D නම්

0.25 - 0.4 නම් ඩිශ් එක පොඩි.
0.4-0.6 නම් ඩිශ් එක මධ්‍යම
0.6-0.8 නම් ලොකුයි.

0.48-0.54 බොහෝවිට දකින්න තියෙනව.

මොනවද මේ සිග්නල්?

සැටලයිට් සිග්නල් කියන්නෙ ක්ෂුද්‍ර තරංග ගණයට තමයි වැටෙන්නෙ.
ඒ කිව්වෙ තරංග ආයාමය තරමක් අඩුයි.

ඉතින් මේව විද්‍යුත් චුම්බක තරංග නේ.ඒ කිව්වෙ Electro-magnetic waves

ඒක නිසාම මේවට තල තියෙනව.තල කිව්වෙ චලනය වෙන්න පුලුවන් පැති කියන අර්ථයෙන්.
ඒක නිසාම මේ තාක්ෂණයෙදි polarization කියන දේ වැදගත් වෙනව.
ඒ කිව්වෙ H-Horizontal / V- Vertical ද නැත්නම් H සහ V .
අන්න ඒ වගේ .

සැටලයිට් ගැන ;

ආතර් සී ක්ලාක් මහත්මයා තමයි කිව්වෙ සැටලයිට් තුනකින් මුලු ලෝකයම ආවරණය කරන්න පුලුවන් කියල.

ඉතින් ඒ නිසා GEO එකට ක්ලාක් බෙල්ට් එක කියලත් කියනව.
ඒකෙ කාලාවර්තය අපේ පෘථිවිය කාලාවර්තයටම සමානයි.
ඒ කිව්වෙ 24HOURS මයි.

ඒ කිව්වෙ ලංකාවට උඩින් සැටලයිට් එකක් තිබ්බොත් ඒක බොහෝ කාලයක් ලංකාවට උඩින්ම තියෙනව...
(අවාසනාවකට වගේ ලංකාවට SATELLITE එකක් වත් නෑ)

--
TRANSPONDERS ගැනත් කතාකරන්න ඕන නේ.

කෙටියෙන් කියන්නන්.
චැනල් ගබඩාවට මේක භාවිතා වෙනව.ඒ කිව්වෙ එක් එක් POLARITY එකට අදාල නිශ්චිත Frequency එකක් එක්ක channels බොහෝ ප්‍රමානයක් තියෙනව.

උද -
Tp-6  of Dialog Satellite Intelsat 904

11489 V

11489 කියන්නෙ frequency එක. MHz වලින්.

C band නම් frequency එක 3.5 GHz - 5.5GHz වගේ.
ඒ කිව්වෙ 3500- 5500MHzවගේ

Ku band නම්11-12.5GHz
11000-12500 MHz වගේ...
Ku band එක පොඩි ඩිශ් එකකින් උනත් අල්ලගන්න පුලුවන් .මොකද හොද ශක්තියක් තියෙන නිසා.
හැබැයි වැස්ස වෙලාවට් /වලාකුළු බර උනාම අවුල්.
ඒකට විසදුම වෙනම් බ්ලොග් සටහනක් ඇති බලන්න.

****
කොහොමද මේව අපි ගන්නෙ .
ඒකට ඕන decoder එකක්.

ඒ කිව්වෙ STB එකක් .SET-TOP-BOX එකක්.

මොනවද මේ????
වර්ග නම් ගොඩක් තියෙනව.

ප්‍රධාන වශයෙන් බෙදමු
H264 codec supported .(mkv format supported)
මේවයි HD digital channels open වෙනව
බොහෝ දුරට චැනල් සියල්ල වගේම් render කරන්න පුලුවන් .

බොහෝ stb මේ වර්ගයට අයත්.
උදා-videocon,airtel,dialog tv hd & normal ,Freesat V7 (s,hd,golden)
Koqit k1
Starsat v9

Freesat v7 මේ අතරින් ගොඩක් හොදයි .
Koqit k1 පොඩි වැඩවලට් හොදයි.

Videocon,Dialog වගේ සමාගම් වලින් ගන්න ඒව්‍යින් අපිට බලන්න වෙන්නෙ package එකකට .ඒක නිසා ඒවයින් FTA channels බලන්න බෑ.(සමහර වෙලාවට පුලුවන්)

H265 codec supported .(HEVC supported)
මේවයි Ultra HD (UHD) ,4K channels open වෙනව.
අනිත් ඒව් ඔක්කොම වැඩ.

මොකද්ද මේ hevc decoder එකක් ගන්න එකේ වාසිය.?

Hevc format එකෙන් තියෙන channel බලන්න පුලුවන්...
ගොඩක් පැහැදිලි යි.

ඉතින් මොනවද මේ stb?වර්ග?

Freesat V 8 (Nova,Golden)
((මතක විදියට නම් මේවයි වැඩ කරන්නෙ powervu විතරයි))
8000/=

Class HD receivers .
((මේ class එක ගොඩක් හොදයි))
12000/= upwards

Starsat S2020
තව වර්ග තියෙනව.
8000/= upwards

මීට අමතරව.

Tiger,Neosat,C sat ,Prime sat,Nego sat.....වගේ වර්ග තියෙනව.

මතක තියාගන්න ඕන මේවයි main chip එක් clone /copy කරල වෙනම stb තියෙනව.
ඒවයින් බේරිල හොද එකක් ගන්න දැනගන්න ඕන.

Iptv supported බොහෝවිට.
...
මීට අමතරව linux හා android මෙහෙයුම් පද්ධති භාවිතයෙන් ද stb තියෙනව.
ඒ කිව්වෙ ඉතින් phone එකක් වගේම පාවිච්චි කරන්න පුලුවන්.

20000/= ඉදන් තියෙනව.
Wally Hd,Mediastar Z2,UHD LINUX 4K

-----
ඒ වගේම SMART TV වල (සමහර) වෙනම decoder එකක් tv එකේම් තියෙනව.
Tv එකෙන්ම් setup කරගන්න පුලුවන්.

-----

මොනවද මේ stb වල විශේෂත්වය න් ?හොද නම්!
*Cooling process ර්ක
Main chip එකට වගේම වෙනත් කොටස් වලට aluminium heat sink එකක් තියෙනව.
ගොඩක් ගණන් නම් fans වලින් cool කරනව.

*main chip number/model එක වෙනස් කරල බාල එකක් දාන වෙලාවන් තියෙනව.
මේක lnb වලටත් වෙනව.

*
-------

Lnb

Lnb ගැන නම් දන්නව ඇති නේ.
Lnb වර්ග තියෙනව.band එකෙන් වෙනස් වෙනව.

ඒ කිව්වෙ c band හා ku band

C band lnb ටිකක් ගනන්
2000/= වගේ වෙනව.
Ku band නම් 350/= ඉදන් තියෙනව

ඒ වගේම combo lnb
C & ku band දෙකම තියෙන ඒව් 2500/= වගේ... 

Lnb ගනිද්දි normal නම් බලන්න දෙයක් නෑ..ඒත් හොද HD channels බලනවනම් ඔයාල හොදට බලල ගන්න ඕන.

මොනවද් බලන්න ඕන.

Operating frequency
Capturing frequency (Band)
K value
Noise
Gain

ඔන්න ඕව....

Noise value එක අඩුවෙන්න ඕන.
Gain එක් සාපේක්ෂකව වැඩි වෙන්න ඕන.

Operating frequency
950-2150Mhz සමානයයෙන්

Ku band ද c band ද නැත්තන් වෙන එකක්ද කියල.

K value (c band වල තියෙනව)

13k-17k - 22k

------

Channels
FTA,paid සහ encryptions ගැන පරණ blog කියවන්න.

Youtube channel එකෙත් videos ඇති.
....

Comments

tarunfabrizius said…
Slot Machines & Casino | JTG Hub
JTG's Slot 오산 출장마사지 Machines & Casino provides you with an immersive 남원 출장샵 experience in the making. Come see why 목포 출장마사지 we are so 태백 출장마사지 proud to offer you slot machines, 서귀포 출장안마

Popular posts from this blog

Installation of Dialog Tv Satellite dish

HOW TO INSTALL ANY SATELLITE DISH (C & Ku band)by YOURSELF...කොහොමද සැටලයිට් ඩිශ් එකක් ඔබවිසින්ම සවිකරගන්නෙ??

How to programme your Dialog TV remote